6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය 2024

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය 

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේ පළාත් මට්ටමින් පැවති උතුරු මැද පළාත් තරගයට වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය  නර්තන අංශය ඉදිරිපත් කළ *නර්තන අංග සියල්ලම පළාතේ අනෙකුත් පාසල්හි නර්තනාංග අභිබවමින් ප්‍රථමස්ථාන* හිමි කරගැනීමට සමත් විය.
ඒ අනුව සමස්ත ලංකා නර්තන තරගාවලියේ  උතුරුමැද පළාත් තරගයට පාසලක් විසින් ඉදිරිපත් කළ සියලුම නර්තනාංග ප්‍රථමස්ථාන හිමිකරගනිමින් සමස්ත ලංකා තරගයට සහභාගී වීමට සුදුසුකම්  ලබා ගැනීම අප නර්තන අංශය ලබා ගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
ඒ අනුව,
01.සබරගමු සළු පදය (සමූහ - ගැහැනු) - ප්‍රථම ස්ථානය 
02.කණිෂ්ඨ සැවුලා වන්නම (පිරිමි සමූහ)  - ප්‍රථම ස්ථානය
03.උඩරට බෙර වාදනය (ජ්‍යේෂ්ඨ - ඒකල පිරිමි ) - ප්‍රථම ස්ථානය
04.කථක් නර්තනය ථුම්රි ( විවෘත - ඒකල ගැහැණු) - ප්‍රථම ස්ථානය 
05.පූජාර්ථය - ප්‍රථම ස්ථානය
සමස්ත ලංකා තරගය සදහා වරම් ලත් වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය නියෝජනය කළ නර්තන කණ්ඩායම්හි සියලුම සහෝදර සහෝදරියන්ට සහ නර්තන පුහුණු වීම් සිදු කළ නර්තන අංශයේ සියලුම ගුරුමෑණිවරුන්ට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ  උණුසුම් සුබ පැතුම්.......!!!