6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජයන්ත දිසානායක

  • අපගේ පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. සිසුන් 5000ක් පමණ අප පාසල තුළ අධ්‍යාපනය හදාරන අතර අපගේ සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.එමෙන්ම අනුරධපුර දිස්ත්‍රීක්කයේ මුලින්ම තාක්ෂණික විද්‍යාගාරයක් ආරම්භ කළ පාසල වන්නේද අප පාසල ය.  අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ජයන්ත දිසානායක
නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය.