පාසලේ ඉතිහාසය

6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

උතුරු මැද පළාතේ අනුරාධපුර වැව් බැදි රාජ්‍යයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් පාසලකි...වර්ෂ 1955 බිනර මස 07 වැනි දින ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ඩී.බී.ජයතිලක මහතාය. එතුමන් සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.දිනෙන් දින සිසුන් වැඩිවීමත්ගම සමග නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ඩ්හී.බ්තී.ජ්ගයතිලක මහතාගේ ප්‍රධානයෙන් 1957 දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි.

වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් යටතේ වලිසිංහ මාතාව ගමන් ඇරභනුයේ අනුරාධපුර මැදි විදුහලේ ප්‍රාතමික අංශයක් ලෙසිනි. ආරම්භයේදි මෙහි සිසුන් 200ක ගෙන් සමන්විත වූ අතර විදුහල්පතිතුමා වශයෙන් කටයුතු කර ඇත්තේ කේ.ඩී ජයතිලක නම් ගුරුතුමාය. මෙලෙස වෙනත් පාසලක ප්‍රාතමික අංශයක් ලෙස පැවති වලිසිහ විදු මාතාව 1981 වසරේදී තම ස්වාදීනත්වය ප්‍රකාශ කරමින් අනුරපුර මැදි මහා විදිහලේ ප්‍රාතමික අංශයෙන් මිදී ස්වාදීන විදුහලක් බවට පත් වන්නේ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර නාමයෙන් පිදුම් ලබමිනි.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික කනිෂ්ඨ අංශය හා උසස් පෙළ විද්‍යා ,ගණිත, කලා, වානිජ, තාක්ෂණවේදය අංශය ක්‍රියාත්මක වන අතර ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්, සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 206ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 13කින් සමන්විතය. 5311 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අභියෝග ජයගත හැකි නිර්මාණශීලී දරුවෙක්..." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

මෙලෙස අප පාසල අනුරාධපු‍ර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය ලෙසින් නව පරිච්චේදයක් ආරම්භ කොට අද වන විට රජරට
ප්‍රදේශයේ පමණක් නොව මුළු මහත් ලංකාද්වීපයේම තම නාමය දිදුලවමින් දැයට ගුණණැන සපිරි දරුවන් පරපුරක් බිහි කර ඇත.

පාසලේ නම

අ/වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

ආරම්භ කළ වර්ෂය

1955 සැප්තැම්බර්

පාසල් වර්ගය

1 AB සුපිරි 

පාසල් අංකය

01536

පාසලේ සංගණන අංකය

19182

භූමි ප්‍රමාණය

 අක්කර 05 

අධ්‍යාපන කොට්ටාසය

නැගෙනහිර නුවරගම් පළාත

අධ්‍යාපන කලාපය

අනුරාධපුර

ග්‍රාම සේවක කොට්ටාසය

249- 1 පියවර, අනුරාධපුර

ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය

නැගෙනහිර නුවරගම් පළාත

 මැතිවරණ කොට්ටාසය

නැගෙනහිර - අනුරාධපුර - 16

දිස්ත්‍රීක්කය

අනුරාධපුර 

පළාත

උතුරු මැද පළාත

පළාත් පාලන බල ප්‍රදේශය 

අනුරාධපුර මහ නඟර සභාව 

ආසන්නතම පොලිස් ස්ථානය

මූලස්ථාන පොලීසිය, අනුරාධපුර 

තැපැල් කාර්‍යාලය

ප්‍රධාන තැපැල් කාර්‍යලය, අනුරාධපුර

ආසන්නම රෝහල

අනුරාධපුර ශික්ෂණ රෝහල