නිර්මාතෘවරු

6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතානන් 1876 ජූලි මස 13 වන දින මීගමුවේ මෙලොව උපත ලබා ඇත. වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා හා පැහන්දි මාර්ත්නන්ද ද සිල්වා ගුණසේකර යන අයගේ පවුලට දාව උපත ලැබීය. ඔහුගේ උපන් නම එඩ්විඩ් ද සිල්වාය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය බෞද්ධ විද්වත් භික්ෂුවක් යටතේ ආරම්භ කර මීගමුව ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් විය. පසුව ඉංග්‍රීසි සහ නීතිය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කොළඹ ප්‍රදේශයේ නීතිඥ කෙනෙකුට භාර විය. ඔහු 1889 සිට 1895 දක්වා කොළඹ වෙස්ලි විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

ඔහු මෙරට ප්‍රතිසංස්කරණවාදියෙක්, ඉතිහාසඥයෙක්, කතුවරයෙක් සහ ශ්‍රී ලාංකේය බුද්ධාගමේ පුනර්ජීවනය කරන්නෙකු විය. ඔහු කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා දුන් නායකත්වයෙන් පසු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට නායකත්වය දුන් අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයෙකි. වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ, අනුරාධපුරයේ බුද්ධාගමේ බලකොටුවේ ගැලවුම්කරුවා ලෙසද සැලකේ.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන්.