- විදුහල ආරම්භයේදී පෙ.ව. 7.25 ට පෙර සිසුන් තමන්ගේ පංති කාමර පිරිසිදු කර අවසන් කළ යුතුය.
- පෙ.ව. 7.25 ට සීනුව නාද වූ වහාම පේලි වශයෙන් රැස්වීමට යා යුතුය. ප්‍රමාද වූ සෑම අයෙක්ම පංති කාමර වලට ඇතුල් නොවී තමා සිටි තැනම නැවතී පන්සිල් ගෙන රැස්වීමට යා යුතුය.
- විදුහලේ නිල ඇඳුුම නියමිත ලෙස සකස්විය යුතු අතර කොණ්ඩා නිසිලෙස පිරීමත් ගැහැණු ළමුන් සුදු සපත්තු හා පිරිමි ළමුන් කළු සපත්තු පැළඳීමත් කළ යුතුයි.
- සෑම පන්තියකම සෑම විෂයකටම පැවරුම් ගොනුවක් තිබිය යුතු අතර විෂයට අදාළ ගුරු භවතා නොපැමිණි අවස්ථාවන්හිදී පැවරුම් ක්‍රියාත්මක කිරීම විෂය නායකයාගේ වගකීම වේ.
- පංති කාමරයෙත් පංතියට අදාල වත්තේ කොටසත් පවිත්‍රව අලංකාරව තබාගැනීමට හා රැකගැනීම පංතියේ වගකීම වේ.
- ගුරුභවතුන්ගේ නම සහිත කාල සටහනත් පවිත්‍රතා ලේඛනයත් සෑම පංතියකම ප්‍රදර්ශනය විය යුතුය.
- විෂයානුබද්ධ හෝ විෂය බාහිර කටයුත්තකට පන්තියෙන් බැහැරව යන සෑම විටම නිශ්ශබ්දව පේලියට යා යුතුය. විවේකයේදී හැර වෙනත් මොනම අවස්ථාවකදීවත් පංතියෙන් පිටත නොසිටිය යුතුය.
- විදුහලට ඇතුල් වීමෙන් පසුව විදුහල අවසාන වන තෙක් විදුහල් භූමියෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. විදුහලෙන් පිටවීමට දෙමාපිය ලිපියක් ප්‍රමාණවත් නොවන අතර ඊට දෙමව්පිය කෙනෙකුගේ පැමිණීම අත්‍යවශ්‍ය වේ.
- මාස දෙකක් ඉක්ම වූ දීර්ඝ නොපැමිණීම විදුහලේ නාම ලේඛණයෙන් ඉවත් කිරීමට හේතු වේ.
- විදුහල තුළදී මෙන්ම පිටතදීත් විදුහලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතු අතර විශේෂයෙන්ම පොදු වාහනවලදීත් පොදු නැවතුම්පොල වලදීත් ඉතා සංවරශීලීව හැසිරිය යුතුය.





