අනුරාධපුර
උතුරු මැද පළාතේ අනුරාධපුර වැව් බැදි රාජ්‍යයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කළ කීර්තිමත් විදුහලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ.13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
අභියෝග ජයගත හැකි නිර්මාණශීලී දරුවෙක්...
පොදු අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස සිසු දරුවාට අත්‍යවශ්‍ය ඉගැනුම් නිපුනතා සංවර්‍ර්ධනය කිරීමත් විෂයානුබද්ධ හා විෂය බාහිර ඉගැනුම් අත්දැකීම් ලබා දෙමින් පූර්ණ විෂය මාලාව අර්ථාන්විතව කිරීමත් අනාගත වැඩ ලොවට හ අභියොගවලට සාර්ථකව උර දිය හැකි සමබර පෞරුෂයකින් යුතු පුරවැසියන් බිහි කිරීමයි